Pages

Wednesday, November 28, 2012

අහිමි සඳ....

බිම් මල් කැකුළක් සඳට හඬනවා,
සඳ නැ ඒ කඳුළැලි දුටුවේ...
පෙම් මල් පුදීන සිතක උපන් දුක,
ගල් උන සිතකට නෑ දැනුණේ...

ලං වෙන්ට බැරි  දුරක සිටන් ඔබ,
මගේ සිතට ඇය් අත වැනුවේ  ...

නොලැබෙන පැතුමන් දෝත දරාගෙන,
ඉකිලන්නටමය් මට සිතුනේ...

සඳ හැඬුවේ නෑ සඳටම පෙම් බැඳී,
බිම් මල පරවී ගිය දවසේ...
එලෙසින් දවසක මා මිය ඇදුනද,
කඳුළු රැඳෙනු නැත ඔබේ දෙනෙතේ...

No comments:

Post a Comment